ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් පළමු තැන දිනූ චීනය

ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය 2024 ලොව නිර්මාණශීලි දර්ශකය පිළිබඳ වාර්තාවේ පූර්ව වාර්තාව නිකුත් කර තිබෙනවා.

ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය ඊයේ (27) 2024 සිංග්පූරු බුද්ධිමය‍ දේපළ අයිතිවාසිකම් සතියේදී අදාළ වාර්තාව නිකුත් කර ඇති බව සඳහන්.

ඊට අනුව ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් චීනය ලොව පළමුවැනි ස්ථානයේ පසුවන අතර ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතරින් 26ක් චීනය සතු වනවා.

අමෙරිකාව, ජර්මනිය, ඉන්දියාව හා දකුණු කොරියාව වෙන් වෙන්ව 20ක්, 8ක්, 4ක් හා 4ක් ලෙස හිමි කරගෙන ඇති බව සඳහන්.

ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Daren Tang මහතා පැවසුවේ විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ, රටේ නිර්මාණශීලි පද්ධතියේ වැදගත් පදනමක් වන අතර එම සමූහ සංවර්ධිත රටවල පමණක් නොව නැගී එන ආර්ථික ඒකකවල ද ක්‍රමයෙන් දියුණු වී තිබෙනවා.

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගෙන පර්යේෂණ ප්‍රතිඵල ප්‍රායෝගික විසඳුම වෙත පරිවර්තනය වීම වෙනුවෙන් ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය එම සමූහයන්ට අඛණ්ඩව අනුබල දෙන බවයි Daren Tang මහතා ප්‍රකාශ කර ඇත්තේ.