ලබන බ්‍රහස්පතින්දා එළියට එන ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 29 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

“පුළුවන් ශ්‍රී ලංකා” යන තේමාව මුල්කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව සඳහන්.

මේ අතර සමගි ජන සන්ධානයේ ජනපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයද ලබන 29 වනදා නිකුත් කිරීමට නියමිතයි.