රණවිරුවාගේ හදගැස්ම හඳුනන නායකයා මහින්ද බිහිකළේ පොහොට්ටුවයි -ජනපති අපේක්ෂක නාමල්

සියලු ජාතීන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය සකසාදුන් වීරෝධාර රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලුව තම ආණ්ඩුවක් යටතේ විසඳීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රණවිරුවාගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි ඒ මහතා පෙන්වාදෙන්නේ.

පක්ෂය රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් බවත් ලෝකයේ ඇතැම් රටවල යුද්ධ යනවිට සිවිල් වැසියන් ඝාතනය කරන නමුත් ශ්‍රී ලංකාව ලෝකයටම පෙනෙන්නට කුඩා දරුවන් පවා මුදවාගත් බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම 2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර තිබෙනවා.