පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය පෙන්වාදුන් ජනපති

2050 වසර වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ තුළින් ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

බලශක්ති ක්ෂේත්‍රය මෙම වර්ධනය තුළ සැලකිය යුතු අංශයක් බවට පත්වන අතර අප සතුව ඇති දේ උපරිමයෙන් යොදා ගත යුතු බැවින් එහිදී හරිත හයිඩ්‍රජන් පිළිබඳ අප මීළඟට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදෙනවා.

බලාගාර ඉදිකිරීම කඩිනම් කිරීමටත්, විරෝධතා ඇත්නම් ඒවා කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය නව නීති සම්පාදනය කිරීමත් කළ යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙම ප්‍රවේශය පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් නොව හරිත හයිඩ්‍රජන්වලින්ද හැකියාවන් උපරිමයෙන් භාවිතා කිරීමට හේතු වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේ.