ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩ්න් පරාජයට පත්වීමෙන් පසු 2020 මැතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවට එහි නඩු පවරන්නන් ඔහුට එරෙහිව නව චෝදනා ගොනු කර තිබෙනවා.

ඔවුන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරුන් බලයේ සිටියදී නිල ක්‍රියාවන් සඳහා අපරාධ නඩු පැවරීමෙන් පුළුල් මුක්තියක් භුක්ති විඳින බවයි.

සංශෝධිත අධිචෝදනා පත්‍රය ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා හතරම ඉදිරිපත් කර තිබෙන අතර වර්තමාන දේශපාලන අපේක්ෂකයෙකු ලෙස එය ඔහුගේ ප්‍රතිරූපයට දැඩිව බලපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.