ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ණය තිරසරභාවය සම්බන්ධයෙන් වන නව විශ්ලේෂණය කුමක්දැයි රටට ප්‍රකාශ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
ඒ අනුව ණය තිරසරභාවය සම්බන්ධයෙන් වන නව විශ්ලේෂණය සඳහා යොදාගන්නා නිර්ණායක සම්බන්ධයෙන්ද ප්‍රකාශ කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එය ප්‍රකාශ නොකරන තාක් රටට විශාල අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අවලංගු කරන බවට සඳහන් නොවන බවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළා.