ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නැහැ – අනුර

ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණයකට කිසිඳු ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වන විට දේශපාලනය කැරකීමට පටන්ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය වටා බව සියලු දෙනා දන්නා බවයි අද (28) කන්තලේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

අවසන් මොහොතේ කුමක් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බවට කුඩා කුකුසක් ජනතාව තුළ ඇති නමුත් එවැනි කිසිවක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළා.

ඡන්ද දූෂණයක් සිදු කිරීමට නම් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවත්, නමුත් අද කාර්යාලවල 80 % ක් සිටින්නේ ජාතික ජන බලවේගය වටා බවත් එම නිසා ඔවුන් ඡන්ද දූෂණයක් සිදුවීමට ඉඩ නොතබනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

වර්ධනය වෙමින් ඇති ජනතාවගේ මෙම ගමන කුමන ජගතෙකුට හෝ නැවැත්වීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.