ජනපති හමුවූ නිදහස් පක්ෂ කෝට්ටේ ප්‍රධානියා

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාව පත්කර තිබෙනවා.

එම පත්වීම් ලිපිය නිදහස් පක්ෂ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදුන් අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද එම අවස්ථාවට එක්වුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනක රණවක මහතා අතරද හමුවක් සිදුව තිබෙනවා.