ජනපතිවරයාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්වයි.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්නොකිරීම පදනම් කරගනිමින් මෙම මූලික අයුතිවාසිකම් පෙත්සම ජනාධිපතිවරයාට එරෙහිව ගොනුකර තිබූ බව සඳහන්.