උපයන විට ගෙවන බද්ද සංශෝධනයට?

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.