සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනයෙන් පියවර

වඩාත් දක්ෂ හා උසස් තත්ත්වයේ වෘත්තිකයන්ගේ වර්ධනය තුළින් සිය ඉගැන්වීමේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපනික බලාගාරයක් බවට පත්වීමේ කාර්යයේ ප්‍රධාන කර්තව්‍යයක් ලෙසට එය සැලකෙන අතර ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (26 ) ප්‍රකාශයට පත් කෙරුණා.

වෘත්තීය ඒකීයකරණය ශක්තිමත් කිරීම, ගුරු නිපුණතා වර්ධනය, අධ්‍යාපන සම්පත් වෙන් කිරීම ප්‍රශස්තීකරණය, ගුරු අයිතීන් සුරැකීම වැනි කරුණු ඊට අයත් වන බව සඳහන්.

වසර 2035 වන විට ගුරු වෘත්තීය චීනයේ වඩාත් ‍ගෞරවාදරයට පාත්‍රවන සහ ඇගයීමට ලක්වන වෘතීන්ගෙන් එකක් බවට පත්වනු ඇතැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව සහ රාජ්‍ය මණ්ඩලය නිකුත් කළ මාර්ගෝපදේශයන් හී දැක්වෙනවා.

ගුරුවරුන් සම්බන්ධයෙන් වන අක්‍රමිකතා සහ රෙගුලාසි උල්ලංඝණය කිරීම් සඳහා ශුන්‍ය නොඉවසීමක් අනුගමනය කරන බවද එහි සඳහන් වන අතර අදාළ වැරදිකරුවන් සඳහා විනය සහ නීතිමය පියවරද දැඩි කෙරෙන බව සඳහන්.

සාමාන්‍ය පාසල් ගොඩනැංවීම වෙනුවෙන් තවදුරටත් සහාය වන අතර ග්‍රාමීය ගුරුවරුන් වෙනුවෙන් පුහුණු කිරීම් ශක්තිමත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ගුරුවරුන්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවීම සහතික කෙරෙන අතර අනවශ්‍ය වැඩ ප්‍රමාණයන් අඩු කිරීමටද ක්‍රියා කෙරෙනු ඇති.

විවිධ අපහාස හා අසත්‍ය ප්‍රචාරයන්ගෙන් ගුරුවරුන් ආරක්ෂා කිරීමට ද ක්‍රියා කළ යුතු බවද අදාළ මාර්ගෝපදේශයේ දක්වා තිබෙනවා.