සාම විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයාගේ ධුරයට සම්පත් රඹුක්පොත පත්වෙයි

ශ්‍රී ලංකා සාම විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස යුද හමුදාවේ හිටපු කපිතාන් සම්පත් රඹුක්පොත මහතා මෙවරත් නිතරගයෙන් පත්විය.

ඒ පසුගියදා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවති 28 වන මහා සභා රැස්වීමේදීය.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද, කම්කරු සබඳතා හා මානව සම්පත් කළමනාකරණ පිළිබඳ පශ්වාත් උපාධියද ලබාගෙන ඇත.

කළුතර වාද්දුව දෙල්දුව ප්‍රදේශයේ පදිංචි ඒ මහතා දිවයිනේ සමිති සමාගම් රැසක නිලතල දරමින් කටයුතු කරන ප්‍රකට සමාජ සේවකයෙකි.