පොල්ලකින් පහරදී බිරිඳ මැරූ නරුම සැමියා

හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ කාන්තාවකට පුද්ගලයෙකු පොල්ලකින් පහරදීම හේතුවෙන් එම කාන්තාව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 63ක් වූ එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්

මියගිය කාන්තාවගේ සැමියා විසින් පවුල් ආරවුලක් දුරදිග යාම මත මෙලෙස පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරගෙන යන විමර්ශන තුලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඝාතනය සිදුකළ වයස අවුරුදු 66ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මියගිය කාන්තාවගේ දේහය මේ වන විට හබරණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හබරණ පොලීසිය සිදුකරන බව සඳහන්.