සජිත් දිනුවොත් රට පාලනය කරන්නේ ප්‍රේමදාස පවුල් සමාගමයි -ඇමති ප්‍රසන්න රණතුංග

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ හොත් රට පාලනය කරන්නේ ඔහු නොව ඔහුගේ බිරිඳ, නැගණිය ඇතුළු ප්‍රේමදාස පවුල් සමාගම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ශාපලත් පවුල් පාලනයෙන් රට බේරාගැනීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි.

එමන්ම රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලනයේදී බොහෝ දෙනෙකුට මඟහැරුණු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.