පුනාගල රක්ෂිතයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් පාලනය වෙයි

කොස්ලන්ද පුනාගල කඳු රක්ෂිතයේ බෑවුම් කොටසේ වැල්ලවාය මායිමේ පැතිර ගිය ගින්න අද (27) අලුයම් කාලය වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.

එම ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිරගොස් ඇති අතර එම නිසා රක්ෂිතයට විශාල හානියක් සිදුව ඇති බව සඳහන්.

ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක මෙම ගින්න පැතිර තිබෙන අතර රක්ෂිතයේ තිබූ ඉපැරණි ශාක සහ තෘණ භූමිය ගින්න නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.