දෙවන දිනටත් යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව සිය යුද්ධයේ විශාලතම ගුවන් ප්‍රහාරයෙන් දිනකට පසු තවත් ප්‍රහාර රැසක් යුක්‍රේනයට එල්ලකර තිබෙනවා.

රුසියානු ගුවන් යානා හයිපර්සොනික් මිසයිල දියත් කරන බව යුක්‍රේන නිරීක්ෂකයින් විසින් අනතුරු අඟවා තිබූ බව සඳහන්.

එම ප්‍රහාර තුළ මූහ ඩ්‍රෝන් ප්‍රහාර ද වාර්තා වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක අංශ පවසන්නේ මුළු රටම බැලස්ටික් අවි ප්‍රහාරයක තර්ජනයට ලක්ව ඇති බවයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයක් පැවසුවේ යුක්රේනය පුරා කියෙව්, ලිවිව් සහ ඛාර්කිව් සහ ඔඩෙසා ප්‍රදේශ ඇතුළුව බලාගාරවලට සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම්වලට පහර දීම සඳහා දිගු දුර ගුවන් සහ මුහුදු පදනම් වූ නිරවද්‍ය අවි භාවිතා කර ඇති බවයි.