තේ පොහොර වර්ග 05ක මිල පහළට

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග 05 හි මිල ගණන් අඩු කර තිබෙන අතර පසුගිය සතියේ සිට මෙම පොහොර වර්ගවල කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක මිල රුපියල් 4000කින් අඩු කිරීමටයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ

මෙම පොහොර සහනාධාරය සැපයීම සඳහා රුපියල් මිලියන 2400ක් වැය වන බව සඳහන්

මෙම මුදල රජයෙන් ලබා නොගෙන තේ වගාකරුවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගත් අතර, එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ

මේ වනවිට පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අලෙවි කර ඇති අතර තවත් මෙට්‍රික් ටොන් 10,000ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සමාගම සතුව පවතින අතර දැනට රාජ්‍ය පොහොර සමාගම සතුව පවතින තේ සඳහා වන මිශ්‍ර පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 815, 830ක් වනවා