ශ්‍රී ලංකාවට එරෙහිව නවක වේගපන්දු යවන්නෙක් එංගලන්තයෙන්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල් කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ් වෙනුවට ඔහු මෙලෙස සංචිතයට කැඳවා ඇති බව සඳහන්.

20 හැවිරිදි වියේ පසුවන වමත් වේගපන්දු යවන්නෙකු වන ජොෂ් හල්, ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වනවා.

දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් මාක් වුඩ්ට ඉතිරි තරග ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙස වෛද්‍ය නිර්දේශ ලැබී තිබුණා.