පාකිස්තානයේ ඖෂධ මිල අහස උසට

උග්‍ර ආර්ථික අර්බුදය මැද පාකිස්තානයේ ඖෂධ මිල සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඖෂධ මිල ඉහළ යෑමට අමතරව දරුණු රෝගාබාධ සඳහා ලබා දෙන ඖෂධ හිඟවීමත් හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට වෛද්‍ය හා ඖෂධ ක්ෂේත්‍රවල පර්යේෂණ හා සංවර්ධනයන් සිදු නොවන බැවින් පාකිස්තාන ජනතාවට එම ඖෂධ හිඟයට මුහුණ දීමට හා අධික මිලට ඖෂධ ලබා ගැනීමට සිදුවී ඇති අතර, ජනතාවට අත්‍යවශ්‍ය මූලික ඖෂධ සැපයුම් කඩිනම් කිරීමට පාකිස්තාන රජය ද අසමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එරට පිටගැස්ම සඳහා ලබාදෙන එන්නත වෙළෙඳපොළේ සාමාන්‍ය මිල පාකිස්තාන රුපියල් 40ත්, 50ත් අතර වන බවත්, මේ වන විට එය රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ඉස්ලාමාබාද් අගනුවර ඇතුළු නගර රැසක මේ තත්ත්වය දැඩිව පැවැතිය ද, එරට ඖෂධ නියාමන අධිකාරිය එය අවතක්සේරුවට ලක් කරමින් ඖෂධ හිඟය ගෝලීය අර්බුදයක් බව ප්‍රකාශ කිරීමත් එරට ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇතැයි ද වාර්තා වේ.