කෝටි 4ක භාණ්ඩ තොගයක් සමග දෙදෙනෙකු කටුනායකදී අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට අද (26) උදෑසන ඔවුන් පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

එලෙස රැගෙන එන ලද භාණ්ඩ අතර විදේශීය මත්පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු යනාදී භාණ්ඩ තොගයක තිබී තිබෙනවා.

අදාළ සැකකරුවන් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව සඳහන්.