දික්වැල්ල තහ­නම් උත්තේ­ජක චෝදනා පිළි­ග­නියි

තහ­නම් උත්තේ­ජක භාවිත කොට එල්පී­එල් තර­ගා­ව­ලියේ ක්‍රීඩා කළේ යැයි චෝදනා එල්ල වූ ගෝල් මාව­ලර්ස් පිලේ නායක නිරෝ­ෂන් දික්වැල්ල ඊයේ ජාතික විනය කමි­ටුව ඉදි­රියේ චෝදනා පිළි­ග­ත්තේය. එහෙත් ඔහු සිදු කළේ යැයි පව­සන තහ­නම් උත්තේ­ජක භාවි­තය සම්බන්ධ චෝද­නාව එල්පී­එල් තර­ගා­ව­ලිය ඉල­ක්ක­කොට සිදුවූ එකක් නොවන බවට ජාතික විනය කමි­ටුව හමුවේ පවසා තිබේ. පැය 2කට ආසන්න කාල­ය­කදී පැවති විනය පරී­ක්ෂ­ණය අව­සා­නයේ දික්වැල්ල ඔහුගේ මුත්‍රා ‘බී’ සාම්පල පරි­ක්ෂාව අන­වශ්‍ය බව පවසා ඇත.

ඔහුට එල්ල වූ ‘කොකේන්’ නම් වූ තහ­නම් උත්තේ­ජක චෝදනා සම්බ­න්ධ­යෙන් නිද­හ­සට කරුණු ඇත්නම් ඒවා ඉදි­රි­පත් කිරී­මට ඊයේ දිනයේ අව­ස්ථාව ලබා­දුන් අතර, එයට සව­න්දී­මෙන් අන­තු­රුව ඔහුට පැන­වෙන දඬු­වම ජාතික විනය කමි­ටුව තීර­ණය කරනු ඇත. කෙසේ වුවද ඔහු ඊයේ වාචි­කව ලබා­දුන් නිද­හ­සට කරුණු ලිඛි­තව ලබා ගැනී­මට ජාතික විනය කමි­ටුව තීර­ණය කොට ඇත. එබැ­වින් ඒ සඳහා ඉදි­රි­යේදී ඔහුට තවත් දින­යක් ලබා­දී­මට නිය­මි­තය.

තහ­නම් උත්තේ­ජක චෝදනා සම්බ­න්ධ­යෙන් නිද­හ­සට කරුණු විම­සීමේ අව­ස්ථා­වට නිරෝ­ෂන් දික්වැල්ල සමඟ ඔහුගේ නීතීඥ රනිල් ප්‍රේම­ති­ලක මහතා ද පැමිණ සිටි අතර, ඒ මහ­තා­ගෙන් ‘දින­මිණ’ කළ විම­සී­ම­කදී පැව­සුවේ කරුණු විම­සීම සමාප්ත වූ බවය. නිරෝ­ෂන් දික්වැල්ල මාධ්‍ය­යට අද­හස් දැක්වී­මෙන් වැළකී සිටි අතර, ඔහු සිනහ මුසු මුහු­ණින් පිටව ගියේය.

තර­ග­යක් අත­ර­තු­රදී ලබා­ගත් මුත්‍රා සාම්පල පරී­ක්ෂ­ණ­ය­කදී තහ­නම් උත්තේ­ජක භාවි­තය තහ­වු­රුවී ඇති බැවින් ජාතික විනය කමිටු තීර­ණය ඉක්ම­ණින් ප්‍රකා­ශ­යට පත්වනු ඇති බව පැවසේ.

මෙයට මාස­ය­කට පෙර නිමා­වට පත්වූ ලංකා ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් 12කගේ මුත්‍රා නියැදි ශ්‍රී ලංකා තහ­නම් උත්තේ­ජක මර්දන නියෝ­ජි­තා­ය­ත­නය පරී­ක්ෂා­ව­කට ලක්කළ අතර, එයින් නිරෝ­ෂන් දික්වැ­ල්ලගේ පම­ණක් තහ­නම් මත්ද්‍ර­ව්‍ය­යක් වන කොකේන් ධනා­ත්මක බව තහ­වු­රුවී ඇත. මේ පරී­ක්ෂණ වාර්තා ලද වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් දික්වැ­ල්ලට නැවත දැනුම් දෙන තුරු තාව­කා­ලික තරග තහ­න­මක් පැන­වීය.

මේ සිද්ධි­යේදී දික්වැල්ල වැර­දි­කරු වුව­හොත් සියලු ආකා­රයේ ක්‍රීඩා­ව­ලින් වසර හත­රක තහ­න­ම­කට මුහුණ දිය යුතු අතර, පාර්ලි­මේන්තු පන­ත­කින් සම්මත කරන ලද ජාතික තහ­නම් උත්තේ­ජක මර්දන වගන්ති අනුව ඔහුගේ පුහු­ණු­ක­රුට එරෙ­හිව ද විනය පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වීමේ හැකි­යාව පවතී.

2021 ජුනි මාස­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යමේ, එංග­ලන්ත තරග සංචා­රය තුළදී කොරෝනා නීති උල්ලං­ඝ­නය කිරීම හේතු­වෙන් දික්වැල්ල ඇතුළු ක්‍රීඩ­ක­යන් තිදෙ­න­කුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් වස­රක ජාත්‍ය­න්තර තරග තහ­න­මක්, මාස 6ක දේශීය තරග තහ­න­මක් සහ දඩ මුද­ලක් පැන­විය. එම තහ­නම 2022 වසරේ ජන­වාරි මස 7 වැනිදා ඉවත් වූ අතර, එතැන් සිට මේ දක්වා දික්වැල්ල දෙස් විදෙස් තරග බිමේ ක්‍රිකට් ක්‍රීඩා කළේය.