ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර ගැනීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් 03 වැනි දා සිට ඒවා රට පුරා බෙදාහැරීමට 22000ක් වූ සියලු තැපැල් සේවකයන්ගෙන් සැදුම්ලත් තැපැල් ජාලය සූදානම් බව එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා පවසයි. දිස්ත්‍රික් මට්ටමින් ඇති ප්‍රාදේශීය තැපැල් කාර්යාල අධීක්ෂණ කටයුතු භා නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ලබන සැප්තැම්බර් 02 වැනි දින තැපැල් ඡන්ද ඇතුළත් රක්ෂිත පැකැට්ටු තෑපෑලට භාර ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
තැපැල් ස්ථානාධිපතිවරුන්, ඉහළ නිලධාරින්, තැපැල් සේවකයන් කනිෂ්ඨ සේවකයන් ඇතුළු 22000න් සැදුම්ලත් තැපැල් ජාලයේ සිටින සියලු සේවකයන් දෛනික රාජකාරි කටයුතුවල නිරත වෙමින් තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළු ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට එක්වන බවද හෙතෙම පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදුම් කාර්ය මණ්ඩලය 8000ක්, නිලධාරීන් 4000ක් දෛනික රාජකාරිවල යෙදී සිටියදීම මේ කටයුතු සඳහා යෙදවීමට සූදානම් බව ඒ මහතා පැවසීය.
දැනට දිවයින් පුරා ඇති තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3335ක් ලිපි බෙදීම් කාර්යාල 2102ක් මේ සඳහා සූදානම් බවද හෙතෙම පැවසීය.
තැපැලේ ඇති වාහන ඇණිය 200ක් බව කියා සිටි ඒ මහතා අවශ්‍යතාව මත මේ වාහන යොදවන බවත් නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකා භාරදුන් පසුව බාහිරින් වාහන ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත් නොලැබු ඡන්ද හිමියන්ට 2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත ලබා ගත හැකි බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.