ඊළඟ පාර්ලිමේන්තුව තුළ අපේ පක්ෂයේ පිළ් මාරුවීම් වලට ඉඩ නෑ – නාමල්

මීළඟ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පිළ් මාරුවීම් සඳහා අවස්ථාවක් නොමැති බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

සෑම මැතිවරණයකදීම පක්ෂවල අය මාරු වීම යථාර්ථය වී ඇති බවද, එය වැළැක්වීම සඳහා ත​ම පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන බවද ඔහු සඳහන් කළා.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව දෙමින් තරුණ සංවිධාන කිහිපයක් සමග ඊයේ (23) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.