28 වැනිදා පාකි­ස්තා­නයේ වැඩ වර්ජ­න­යක්

පාකි­ස්තා­නයේ ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුව විසින් හඳුන්වා දී ඇති නව බදු යෝජනා ක්‍රම­යට එරෙ­හිව ලබන 28 වැනිදා රට පුරා දැවැන්ත වැඩ වර්ජ­න­යක් ක්‍රියා­ත්මක කිරී­මට එරට ව්‍යාපා­රි­ක­යන් තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටජීර් ඩොස්ත් නමින් හඳුන්වා දී ඇති එම බදු ක්‍රමය පිළි­ගත නොහැකි බවත්, වහාම එය නතර කරන ලෙසත් ඉල්ලා එරට වෙළෙඳ සංගම් ඒකා­බද්ධ වැඩ වර්ජ­නය සිදු කිරී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ව්‍යාපාර හිමි­යන්ට සහ වැටුප් ලබන පුද්ග­ල­යන්ට පනවා ඇති ඉහළ ආදා­යම් බදු එරට ජන­තාව මේ වන­වි­ටත් පීඩා­වට පත්ව සිටින ආර්ථික අර්බු­දය ඉහළ යෑමට හේතු­වනු ඇතැයි ද, පව­තින තත්ත්වය මත අගෝස්තු මස විදුලි බිල්පත් නොගෙ­වන බවට එරට සුළු ව්‍යාපාර හිමි­යන් රජ­යට දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

මීට පෙර නගර 6කට පම­ණක් සීමා වූ අදාළ බදු ක්‍රමය මේ වන විට පාකි­ස්තා­නයේ තවත් නගර 40කට පමණ ව්‍යාප්ත කිරීම ගැන ව්‍යාපාර හිමි­යන් රජ­යට චෝදනා කළ බව ද වාර්තා වේ.