හික්කඩුවේ ඝාතන තැතට අනුබල දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු හට T56 ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩාමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවයි වාර්තා වන්නේ.

දොඩන්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු වයස අවුරුදු 32ක් වූ එම ප්‍රදේශයේම පදිංචි කරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හික්කඩුව පොලීසිය සිදුකරන බවයි වාර්තා වන්නේ.