සේරු­විල ලලාට ධාතු පෙර­හර මංග­ල්‍යය අද

උඩ­රට, පහ­ත­රට, සබ­ර­ග­මුව, සාම්ප්‍ර­දා­යික නර්ත­න­ය­න්ගෙන් හා අලි ඇතුන් සහිත මන­ස්කාන්ත සංස්කෘ­තික අංගෝ­පාංග පෙරටු කර­ග­නි­මින් ඓති­හා­සික සේරු­විල ලලාට ධාතු පෙර­හර මංග­ල්‍යය අද (24) සෙන­සු­රාදා උත්ස­ව­ශ්‍රී­යෙන් ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇතැයි සේරු­විල මංගල රාජ­මහා විහා­රා­ධි­පති අළු­දෙ­ණියේ සුබෝධ හිමියෝ පැව­සූහ.

මෙවර පැව­ත්වෙන්නේ සිය වැනි ඓති­හා­සික පෙර­හර බැවින් ඊට පිට පළා­ත්ව­ලින්ද බැති­ම­තුන්, සංචා­ර­ක­යන් හා වන්ද­නා­මා­න­ක­රු­වන් අති­වි­ශාල පිරි­සක් පැමි­ණී­මට නිය­මි­තව ඇති බවත්, පැමි­ණෙන සියලු පින්ව­තුන් වෙනු­වෙන් ආහා­ර­පාන ඉඳු­ම්හි­ටුම්, වැසි­කිළි කැසි­කිළි ඇතුළු අත්‍ය­වශ්‍ය සියලු පහ­සු­කම්ද, කන්තලේ නග­රයේ සිට සේරු­වා­විල පුණ්‍ය භූමිය දක්වා විශේෂ බස් රථ සේවා­වක්ද ආරම්භ කර ඇතැයි උන් වහන්සේ ප්‍රකාශ කළහ. බත් දන්සල්, සුප් දන්සැල් ඇතුළු දන්ල් හා අලං­කාර මල්වෙඩි සන්ද­ර්ශ­නද සමඟ මනෝ­රම්‍ය පෙර­හර මංග­ල්‍ය­යක රූසොබා අසි­රිය විඳ බුදු රජා­ණන් වහ­න්සේගේ ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ නම­දින්න සියලු ශ්‍රී ලංකා­වාසි බෞද්ධ ජන­තා­වගේ සම්ප්‍රා­ප්තිය තමන් වහන්සේ බලා­පො­රොත්තු වන බවද සුබෝධ හිමියෝ පැව­සූහ.