සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු

2025,2026 වසර වන විට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් රටේ සියලු ජනතාව වෙනුවෙන් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

මඩකලපුව කල්ලඩි ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ අද (24) පැවති මඩකලපුව දිස්ත්‍රික් “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ඔහු කියා සිටියේ විපක්ෂයට අවශ්‍ය වූයේ ජනතාවට සහන ලබාදෙමින් රට ඉදිරියට ගෙන යාමට ආරම්භ කළ වැඩසටහන නතර කිරීමට වුවත් පසුගිය වසර දෙක තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට රජය කටයුතු කළ බවයි

ඒ වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් ඉදිරියට යා යුතු බවත් ජනතාව ජීවත් කරවීම කිසිසේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන බවත්, ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා