ජර්මනියේ පිහි ඇනුමක්

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පිහි ඇනුමකින් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

නගර මධ්‍යයේ පැවති උත්සවයක් අතරතුර මෙම පිහි ඇනුම එල්ල වී ඇති බව සඳහන්.

ප්‍රහාරකයා තවමත් නිදැල්ලේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නගරය ආරම්භ කර වසර 650ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවය අතරතුර මෙම පිහි ඇනුම සිදුවී ඇති බව සඳහන්.