ඉදිරි පළාත් පාලන මැතිවරණය ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට අත්හදා බැලිය හැකි බව ජනපති කියයි

මැතිවරණ ක්‍රමය ඩිජිටල්කරණය කිරීම සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ පත් කළ කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඩිජිටල් මැතිවරණ ක්‍රමය අත්හදා බැලිය හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින්.

“දේශයේ අනාගතය කේතකරණය” යන තේමාව යටතේ මෙම හමුව සංවිධානය කර තිබු අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිර්මාණය කර ඇති “පෙපර්” නම් රොබෝවකු විසින් හමුව සඳහා පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම විශේෂත්වයක් ලෙස දැක්වුණා.