ආර්ථික අර්බුදය හමුවේ දුක් විඳි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම වරදක් නම් එම වරද පිළිගැනීමට සුදානම් -ජනපති රනිල්

අද තමාට එල්ල වී ඇති චෝදනාව අසීරු අවස්ථාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ජීවත්වීමේ අයිතිය සුරැකීම බව පැවසු ජනාධිපති රනිල්
වික්‍රමසිංහ මහතා එය වරදක් නම් එම වරද පිළිගැනීමට තමා සුදානම් බව අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අම්පාර පොතුවිල් ජලාල්දීන් ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමින්.

ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආගම, ජාතිය මුල් කර ගනිමින් තමා කිසිදා දේශපාලනය නොකළ බවයි.

මුස්ලිම් ජනතාවගේ අයිතින් සුරැකීමට තමා කවදත් කැපවු බව සඳහන් කළ ජනාධිපතිවරයා 2022 ජූලි 09 වනදා කිසිවෙකු භාර නොගත් රට තමා භාරගත්තේ සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් බවද කියා සිටියා.