වසර ගණනාවකට පසු අයිස්ලන්තයේ ගිනිකඳු සක්‍රීය වෙයි

අයිස්ලන්තයේ Reykjavik අගනුවරට යාබද අර්ධද්වීපයේ නැවතත් ගිනිකඳු පිපිරීමක් ආරම්භ වී තිබෙනවා.

වසර 50කට පසුව අයිස්ලන්තයේ සිදුවන දරුණුතම ගිනිකඳු පිපිරිම මෙය බව සඳහන්.

වසරක් ඇතුළත එම ප්‍රදේශයෙන් සිදුවූ 6වැනි ලාවා මතුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උතුරු අමෙරිකානු සහ යුරේසියානු භූ තැටි දෙකඩ වන මැද අත්ලාන්තික් කඳු මුදුනේ පිහිටීම හේතුවෙන් අයිස්ලන්තය ලොව ගිනිකඳු පිහිට ඇති ස්ථානවලින්
උණුසුම්ම ස්ථානය ලෙස සඳහන්.