අගමැති මෝදි සහ යුක්‍රේන ජනාධිපති අතර සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංචාරයක් සඳහා යුක්‍රේනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එහිදී ඔහු යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව සඳහන්.

යුක්‍රේන නිදහසෙන් පසු ඉන්දීය නායකයෙකු විසින් එරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වනවා

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති Vladimir Putin හමුවීමෙන් සති කිහිපයකට පසු යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ද විදෙස් මාධ්‍යවල දැඩි අවධානයක් යොමුව තිබෙනවා

පෝලන්තයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි මෝදි යුක්‍රේනයට පැමිණ ඇත්තේ