සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි නිලධාරීන් වෙත මුල් සේවා නිලධාරීන් ලෙස මනාපය සංශෝධනය කිරීමට නැවත අවස්ථාවක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකගතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

නිලධාරීන් 3027 දෙනෙකුට ඊට අවස්ථාව හිමි වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ දුන් මෙම ගැටලුව හේතුවෙන් පත්ව ඇති පීඩාව සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඊට කඩිනම් විසඳුම් ලබා දීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.