රට තුළ ක්‍රියාත්මක වැඩසටහන් ආණ්ඩුව විසින් ජනතාවට ඉදිරිපත් කරනවා

ආණ්ඩුව ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින වැඩසටහන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

ඒ අනුව ජනතාවගේ අය කෙරෙන බදු මුදල් අවභාවිත වීම පිළිබඳව ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවයි ඔහු කියා සිටියේ

ආණ්ඩුව සෑම විටම රාජ්‍ය ආදායම ඉහළ නැංවා ගැනීමට කටයුතු කරන අතර ඉන් ලැබෙන බදු ආදායම යළිත් ජනතා සේවයටම යොදවන බවත්, ජනතාව වෙත ලැබී ඇති සහන අනුව තහවුරු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම පමණක් නොව ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ධීවර, ගොවි ජනතාව වෙත සහන සැලසීමේ වැඩසටහන් ද ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක වන ඒවා බවයි ඔහු කියා සිටියේ