බුත්තල අනතුරකින් තරුණයෙක් මරුට – තිදෙනෙකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් පැල්වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ පා පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තරුණයෙකු මිය ගොස් තිබෙනවා

එලෙස මියගොස් ඇත්තේ කුකුරම්පොල ඌව පැල්වත්ත ලිපිනයේ පදිංචි 23 හැවිරිදි වියේ පසු වූ අයෙක්

තුවාල ලැබූවන් කඩිනමින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා