ආසියා කාන්තා කායවර්ධන තරගාවලියේදී මධුමාලිගෙන් දස්කම්

ඉන්දුනීසියාවේ පැවැති 56 වැනි ආසියානු කාන්තා කායවර්ධන හා “ෆිසික්” තරගාවලියට සහභාගි වූ අත්තනගල්ල වෙලගෙදර පදිංචි එම්.පී.එන්. නිසංසලා මධුමාලි සෙන්ටිමීටර 170 කාණ්ඩය යටතේ තරග කර සිව්වැනි ස්ථානය හිමිකර ගත්තාය.

ගම්බද තරුණියක් වූ ඇය මොඩ්ල් ෆිසික් අංශය නියෝජනය කරමින් මේ තරගයට සහභාගි වූවාය. ආසියානු රටවල් ගණනාවක ක්‍රීඩිකාවෝ අබිබවමින් ඉදිරියට පැමිණි ඇයට සුළු ලකුණු ගණනකින් ලෝකඩ පදක්කම අහිමිවී ගිය ද ජූරියේ විශේෂ සම්මානයක් හිමිව ඇත. වේයන්ගොඩ සාන්ත මරියා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය දැනට කාන්තා ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරනු ලබයි.