පුංචි ඡන්දය හැකි ඉක්මනින් තියන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) ඒකමතික තීන්දුවක් ලබා දී තිබෙනවා

ඒ අනුව හැකි පළමු අවස්ථාවේදීම එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර ඇත්තේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුවයි අදාළ තීන්දුව ලබා දුන්නේ