රොනාල්ඩෝ බිඳ දැමූ නව ලෝක වාර්තාව

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය නව YouTube නාලිකාව දියත් කිරීමෙන් පැයක් තුළ වැඩිම ග්‍රාහකයින් සඳහා වූ ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා.

රොනාල්ඩෝ සිය YouTube නාලිකාව දියත් කිරීමෙන් පැයක් තුළ ග්‍රාහකයින් මිලියනය වෙත ළඟා වී ඇති අතර එය කෙනෙක් මෙතෙක් ළඟා වූ වේගවත්ම සන්ධිස්ථානය බව සඳහන්.

කෙසේවෙතත් YouTube සුපිරි තරුව Mr Beast දැනට මිලියන 311 කට වඩා ඇති ලොව වැඩිම ග්‍රාහකත්වය ලබා ඇති නාලිකාවේ වාර්තාවට හිමිකම් කියන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද Instagram හි ද තමාගේම පිටුවක් ආරම්භ කරන බවයි ක්‍රීඩා සුපිරි තරුව නිවේදනය කර සිටියේ.