මහ බැංකු අධිපතිට ලැබුණු ඉහළම ශ්‍රේණිගත කිරීම

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2024 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

ඒ ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුවයි.

ලබාගත් මෙම “A” ශ්‍රේණිය මඟින් උද්ධමන පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙන බව සඳහන්.