නෝර්වේ කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ මෙරටට

නෝර්වේ හි දැනට භාවිතා කරන කෘෂි තාක්ෂණික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබා දීමට නෝර්වේ හිටපු විශේෂ නියෝජිත Erick Solheim මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

එහිදී විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගයන් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබාදීම සම්බන්ධව අවධානය යොමු කර තිබෙනවා.

එමෙන්ම පරිසරයට කාබන් අවම වශයෙන් මුදාහරින රටවල් කාණ්ඩයට ශ්‍රී ලංකාවත් අයත්වන බැවින් ලෝක කාබන් ක්‍රෙඩිට් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස් ලබාදීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.