නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට

මේ වනවිට පෝලන්තයේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට යාමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා

එම වාර්තා වල දැක්වෙන්නේ වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පෝලන්තයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බවයි

පෝලන්ත අගනුවර වන වෝර්සෝ හි ඉන්දීය ඩයස්පෝරාව අමතමින් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ දශක ගණනාවක් පුරා ඉන්දියාවට සියලු රටවල් සමඟ දුරස්ථභාවයක් පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක් තිබූ බවයි

කෙසේ වෙතත්, අද ඉන්දියාවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සියලුම රටවල් සමඟ සමීපව සිටීම බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා

ජනාධිපති Volodymyr Zelensky ගේ ආරාධනයකට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයේ සංචාරයක නිරත වන්නේ