පුංචි ඡන්ද කල්දැමීම – තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම එහි සමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්

ඒ අනුව පළාත් පාලන මැතිවරණය නියමිත දින නොපැවැත්වීමෙන් වගඋත්තරකරුවන් සර්වජන බලය සම්බන්ධයෙන් ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය කර ඇතැයි එහි සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියම කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ