පළාත් පාලන මැතිවරණය තියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර තිබුණ ද එය ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බව සඳහන්.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ අදාළ ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු උත්තරකරුවන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි