තායිලන්තයට ගංවතුර

තායිලන්තයේ උතුර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගංවතුරෙන් නිවාස 12,000 සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ගොවිබිම් හෙක්ටයාර 2,000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවතින තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 32කු තුවාල ලබා තිබෙනවා.

2011 වසරේදී තායිලන්තයේ හටගත් ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 500 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබුණා.