ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

ලොව දිගම මුද්දරය ලෙස ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මිලි මීටර් 205 කින් යුතු එම මුද්දරය මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් නිකුත් කර ඇති බව සඳහන්.

මෙම සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීමද මෙහිදි සිදු කළ බව සඳහන්.