අධි රුධිර පීඩනය හා දියවැඩියාව ලංකාවටම තර්ජනයක් -ඇමති රමේෂ් පතිරණ

වැඩිහිටි ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයෙන් ද 24% ක් දියවැඩියාව රෝගයෙන් පෙළෙන බවත් මෙය ලංකාවටම ප්‍රබල තර්ජනයක් බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඒ සඳහා ඉදිරි වර්ෂවල මුදල් වැඩිපුර යොදවා ප්‍රාථමික සත්කාර තවදුරටත් වැඩිදියුණු කර රෝග පාලනය සඳහා කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙම රෝග සඳහා මේ වන විට සෑම රජයේ රෝහලකම ප්‍රතිකාර කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.