සංවේදී වූ බයිඩ්න්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනයේ දී සංවේදී වුණා.

චිකාගෝ හිදී ආරම්භ වූ පක්ෂ සම්මේලනය සඳහා බයිඩ්න්ට අමතරව අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් එක්ව සිටියා.

එහිදී පක්ෂ සම්මේලනය ඇමතූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් විසින් ජනාධිපති ජෝ බයිඩන්ට කෘතගුණ දක්වීම සමබන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

කමලා හැරිස් සම්මේලනයේදී සඳහන් කර ඇත්තේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් සෑමවිටම ජනාධිපති බයිඩන්ට ණයගැති වන බවයි.

ජනාධිපති අපේක්ෂකයා පළමු දිනයේදීම සම්මේලනයට එක්වුවද සම්මේලනය අවසන් දිනයේදී සභාව ඇමතීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නමුත් කමලා හැරිස් පළමු දිනයේදීම එය ඇමතීම විශේෂත්වයක් වන බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ද ජාතික සම්මේලනය ඇමතූ අතර එහිදී ඔහුට පාක්ෂිකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව තිබුණා.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ධුරය දැරීම තමන් ලද භාග්‍යයක් වන අතර සිය දේශපාලන දිවියේ ගත් නිවැරදිම තීරණය වන්නේ 2020 ජනාධිපතිවරණයේදී කමලා හැරිස් උප ජනාධිපති ලෙස නම් කිරීම බවයි.