ලබන වසරේ සිට පොහොර සහනාධාරය වැඩි කරන්න යෝජනා කළා -ඇමති මහින්ද අමරවීර

ලබන වසරේ සිට පොහොර සහනාධාර දීමනාව රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට රජයට යෝජනා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද දින (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව සඳහන්.

දැනට පොහොර මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහාගෙන ඇතත් පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

නමුත් දැනට රටේ ආර්ථිකයේ යම් ස්ථාවරභාවයක් ඇති වී තිබෙන හෙයින් පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කිරීමට හැකියාවක් ඇති බව සඳහන්.

එමනිසා ලබන වසරේ යල කන්නයේ සිට පොහොර සහනාධාර මුදල රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.