තැපැල් ඡන්ද සඳහා සුදුසුකම් ලැබූ අය

2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 712,321 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකෙරෙන අතර සැප්තැම්බර් මස මුල් සතියේ දින තුනක කාලයක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.