ජනපති අපේක්ෂක ජනකගෙන් පැමිණිල්ලක්

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක මහතා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානයට එරෙහිව අද (20) මැතිවරණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඒ මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නීති උල්ලංගණය කරන බව පවසමින්.

ජනක රත්නායක මහතා මෙහිදී සඳහන් කළේ අපේක්ෂකයින් 39කු ඉදිරිපත්වන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් 06දෙනෙකු පමණක් තෝරාගෙන සිදුකිරීමට සැරසෙන සංවාදය නිත්‍යානුකූල නොවන බවත් එයින් එම අපේක්ෂකයින් 06 දෙනා අනවශ්‍ය ලෙස කැපී පෙනෙන බවත් එම නිසා අනෙකුත් අපේක්ෂකයින් 33 දෙනා හට යම්කිසි අසාධාරණයක් වන බවයි.